කොළඹ බලා පියාසර කළ ගුවන් යානයේ එන්ජිමේ දෝෂයක් - ගුවන් තොටුපළේ පූර්ණ හදිසි තත්ත්වයක් - හදිසි ගොඩබෑමක් සමඟ ගිලන් රථ හා ගිනි නිවන රථ සූදානමක්

Report

වියට්නාමයේ හෝ චි මිං නගරයේ සිට කටුනායක ගුවන් තොටුපළ බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් චෙන්නායි ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩබෑමක් සිදු කර තිබේ.

එහි කාර්ය මණ්ඩලය විසින් එන්ජිමේ දෝෂයක් පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව එම ගුවන් යානය චෙන්නායි වෙත හරවා යැවූ බව ගුවන් තොටුපළ බලධාරීන් පැවසූහ.

අද පැය 8කට ජල කප්පාදුවක් - මේ පැති වල ජනතාවට විශේෂ නිවේදනයක් - නැවත වතුර එන වෙලාව මෙන්න

අද පැය 8කට ජල කප්පාදුවක් - මේ පැති වල ජනතාවට විශේෂ නිවේදනයක් - නැවත වතුර එන වෙලාව මෙන්න

ගුවන් තොටුපළ තුළ පූර්ණ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර යානය ගොඩබස්වන අවස්ථාවේදී එහි තරමක නොසන්සුන්කාරී තත්වයක් ඇති වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඒ අනුව වියට්නාමයේ හෝ චි මිං නගරයේ සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ 'වියට්ජෙට්' (VietJet) ගුවන් සේවයට අයත් යානය මෙසේ ගුවන් ගමන අතරතුර එන්ජින් දෝෂයකට ලක්ව ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6ක හා එහි අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් තහනම් කරයි - මුදල් තැන්පත් කිරීම ගැන මහජනතාවට අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6ක හා එහි අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් තහනම් කරයි - මුදල් තැන්පත් කිරීම ගැන මහජනතාවට අනතුරු ඇඟවීමක්

වියට්ජෙට් සමාගමට අයත් මෙම 'Airbus V320' (VJC1875) වර්ගයේ යානය තුළ මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව පුද්ගලයින් 143 දෙනෙකු ගමන් කරමින් සිටියහ.

මීට අමතරව පූර්ණ හදිසි තත්වයක් ප්‍රකාශයෙන් පසු යානය ගොඩබෑම සඳහා ගිනි නිවන රථ සහ හදිසි සේවා ගිලන් රථ සූදානම් කර තැබිණි.

ඒ අනුව සියලු ආරක්ෂක විධිවිධාන මත අදාළ ගුවන් යානය ඊයේ රාත්‍රී 10.27 ට චෙන්නායි ගුවන් තොටුපළට ආරක්ෂිතව ගොඩබස්වන ලදී. ඉන් අනතුරුව, යානයේ සිටි මගීන් 143 දෙනාම කිසිදු හානියකින් තොරව ආරක්ෂිතව ඉවතට ගෙන එන ලදී.

පාසල් වසා දැමීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යක්ෂවරුන්ට උපදෙස්

පාසල් වසා දැමීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යක්ෂවරුන්ට උපදෙස්