නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළ සැකකරුවෙකු ලෙස නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මහතා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ අතර, කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී ඇත.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් අද අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් අද අධිකරණයට

බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් අත්අඩංගුවට

බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් අත්අඩංගුවට