“වයස 68දීත් මැඩෝනාගේ සුපිරි පෙනුමේ සහ ශක්තියේ රහස මේකද?” - ඇගේ සරල ආහාර රටාව ගැන හෙළිදරව්වක්

Report

ලෝක ප්‍රකට පොප් තරුවක් වන මැඩෝනා මේ වනවිට 68 වැනි වියේ පසුවුවත්, තවමත් ලොව පුරා වේදිකාවන්හි ඉහළ ශක්තියකින් යුතුව ප්‍රසංග පවත්වමින් සිටිනවා.

ඇයගේ ශාරීරික යෝග්‍යතාව සහ එතරම් කාර්යබහුල ජීවන රටාව පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති අතර, ඒ පිටුපස ඇති ආහාර රටාව පිළිබඳවත් කලක සිට කතාබහට ලක්ව තිබෙනවා.

වාර්තා වන ආකාරයට මැඩෝනා දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ජපානය ආශ්‍රිත Macrobiotic ආහාර රටාවක් අනුගමනය කර තිබෙනවා.

මැඩෝනාගේ ආහාර වේලට ඇතුළත් දේවල්

මැඩෝනාගේ දෛනික ආහාර රටාව ඉතා සරල බවයි වාර්තා වන්නේ. ඇගේ ආහාර වේලට දුඹුරු සහල්, ක්විනෝවා, බ්‍රොකොලි, කේල්, වට්ටක්කා, කැරට්, බෝංචි, ඇට වර්ග, බීජ සහ මාළු වැනි ආහාර ඇතුළත් වන බව සඳහන්.

විශේෂයෙන්ම සැමන් මාළු ඇයගේ ප්‍රියතම ආහාරයක් බවත් වාර්තා වී තිබෙනවා. එක් උපන්දිනයකදී ඇය වෙනුවෙන් පෞද්ගලික සූපවේදියෙකු විසින් සමනලයෙකුගේ හැඩයට සකස් කළ විශේෂ සැමන් ආහාරයක් ද පිළියෙල කර තිබූ බව සඳහන්.

උදෑසන ආරම්භ කරන්නේ මෙහෙමයි

වාර්තා අනුව මැඩෝනා උදෑසන ආරම්භ කරන්නේ සීතලෙන් පෙරන ලද කොමඩු යුෂ පානය කිරීමෙන්. ඊට අමතරව ඇය ඉඟුරු තේ, Yerba Mate සහ පොල් වතුර පානය කරන බවත් සඳහන්.

එමෙන්ම ප්‍රධාන ආහාර වේල් කිහිපයක් වෙනුවට දිනකට කුඩා ආහාර වේල් පහක් හෝ හයක් පමණ ගැනීමට ඇය පුරුදුව සිටින බව වාර්තා වෙනවා.

"අම්මා ගොඩක් කල් බලන් හිටියා මට සම්මානයක් ලැබෙනකන් මේක එයාට" - ප්‍රථම සම්මානය ලැබූ සචින් ලියනගේ තැබූ සංවේදී සටහන

"අම්මා ගොඩක් කල් බලන් හිටියා මට සම්මානයක් ලැබෙනකන් මේක එයාට" - ප්‍රථම සම්මානය ලැබූ සචින් ලියනගේ තැබූ සංවේදී සටහන

මැඩෝනා සම්පූර්ණයෙන්ම වළක්වන ආහාර ඇගේ ආහාර

රටාවේ දැඩිම කොටස වන්නේ ඇතැම් ආහාර සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් කර තිබීමයි. වාර්තා අනුව මැඩෝනා මස්, කිරි ආහාර, සීනි, කැෆේන්, මත්පැන් සහ සැකසූ ආහාරවලින් වැළකී සිටිනවා.

පාන් සහ පැස්ටා වැනි ආහාර ද ඇගේ ආහාර රටාව තුළ ඉතා සීමිත බව සඳහන්. කෙසේ වෙතත්, ඇය සම්පූර්ණයෙන්ම ආහාර ආශාවන්ගෙන් මිදී නැහැ. CNN සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අතුරුපස ගැන විමසූ අවස්ථාවක, ඉතා කලාතුරකින් ස්ට්‍රෝබෙරි ජෑම් සමඟ ටෝස්ට් ආහාරයට ගන්නා බව ඇය පවසා තිබෙනවා.

වසර 30කට ආසන්න කාලයක් අනුගමනය කරන ජපන් ආභාෂය ලැබූ ආහාර රටාව

Macrobiotic ආහාර රටාව හුදෙක් ආහාර ලැයිස්තුවක් පමණක් නොවන අතර, එය ජපන් දාර්ශනික අදහස් ආශ්‍රිත ආහාර රටාවක් ලෙස සැලකෙනවා.

එහිදී දුඹුරු සහල්, බාර්ලි, ඕට්ස් සහ මෙනේරි වැනි සම්පූර්ණ ධාන්‍ය, සෘතුමය එළවළු සහ බෝංචි වැනි ආහාරවලට වැඩි අවධානයක් ලබාදෙන අතර, සැකසූ ආහාර සහ ඇතැම් සත්ත්ව ආහාර සීමා කිරීම කෙරෙහිද අවධානය යොමු කරනවා.

මැඩෝනා ජපන් ආහාරවලට විශේෂ කැමැත්තක් දක්වන බවත් මීට පෙර සඳහන් කර තිබෙනවා. ඇයගේ ලන්ඩනයේ සූපවේදියා ඇය සමඟ සංචාරය කරන බවත්, ඇතැම් විට ජපන් ජාතිකයන්ටත් වඩා තමන් ජපන් ආහාර අනුභව කරන බවත් ඇය සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණා.

මේ අනුව, වේදිකාවේ දැවැන්ත ප්‍රසංග සඳහා අවශ්‍ය ශාරීරික ශක්තිය පවත්වා ගැනීම සඳහා මැඩෝනා දශක ගණනාවක් තිස්සේ දැඩි ආහාර රටාවක් අනුගමනය කර ඇති බවයි වාර්තා වන්නේ.

රන්ජන් යළිත් සම්මානයෙන් පිදුම් ලබයි - ජනප්‍රිය කලාකරුවන් සමඟ ගත් ඡායාරූප සමාජ මාධ්‍ය කළඹයි

රන්ජන් යළිත් සම්මානයෙන් පිදුම් ලබයි - ජනප්‍රිය කලාකරුවන් සමඟ ගත් ඡායාරූප සමාජ මාධ්‍ය කළඹයි