සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා කාලය තුළ රජයෙන් විශේෂ සතියක් නම් කරයි

Report

මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා කාලය '2026 ලෝක ළමා දින ජාතික සතිය' ලෙස නම් කළ බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කරයි.

අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරිය සඳහන් කළේ “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන්න මෙවර ළමා දින තේමාව වන බවයි.

ලෝකයම හොල්ලමින් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

ලෝකයම හොල්ලමින් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, පෝෂණය හා ආරක්ෂාව තහවුරු කිරීම, ළමා ශ්‍රමය හා අපචාර වැළැක්වීමේ නීති බලාත්මක කිරීම මෙන්ම මන්දපෝෂණය පිටුදැකීම මෙවර වැඩසටහන්වල ප්‍රධාන අරමුණ වේ.

ළමා දින ජාතික සතිය වෙනුවෙන් සවිස්තරාත්මක වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. ඒ අනුව සැප්තැම්බර් 25 වනදා දරුවන් වෙනුවෙන් කෙටුම්පත් කර ඇති නව පනත් හා ජාතික ප්‍රතිපත්ති හඳුන්වාදීම සහ පවතින ප්‍රතිපත්ති සමාලෝචනය සිදු කෙරේ.

මම මේ කිසි දේකට සම්බන්ධ නෑ - පාස්කු නඩුවේ 5 වෙනි වරදකරුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මම මේ කිසි දේකට සම්බන්ධ නෑ - පාස්කු නඩුවේ 5 වෙනි වරදකරුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

සැප්තැම්බර් 26 වනදා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ගේ කායික හා මානසික සුවතාව ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් පැවැත්වෙන අතර, 27 වනදා එම මධ්‍යස්ථානවලින් සමාජගත වන වයස අවුරුදු 18ට වැඩි තරුණයන්ට වෘත්තීය පුහුණුව හා රැකියා අවස්ථා හඳුන්වාදීමේ නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

සැප්තැම්බර් 28 වනදා “සවිමත් මනසක් – සුවපත් දිවියක්” තේමාව යටතේ දිස්ත්‍රික් මට්ටමින් දරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශන සහ කුසලතා ඇගයීම් පැවැත්වීමට නියමිතයි. සැප්තැම්බර් 29 සහ 30 යන දිනවල පිළිවෙළින් ගුරුවරුන් සහ දෙමාපියන් ඉලක්ක කරගනිමින් දරුවන් ධනාත්මකව හික්මවීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වේ.

ජාතික සතිය අවසන් කරමින් මෙවර ලෝක ළමා දින ජාතික උත්සවය ඔක්තෝබර් 01 වනදා පෙ.ව. 9.00ට අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේදී (මත්තේගොඩ) පැවැත්වීමට නියමිතය.