''සුන්දර වෙඩික්කාරිය මනු භාකර්ට ඉලක්කය වැරදුණාද?'' - ඔලිම්පික් පදක්කම්ලාභී ඉන්දීය තරගකාරියට ආසියානු තරගාවලියේ පදක්කමක් අහිමි වෙයි

Report

ඉන්දියාවේ සුපිරි වෙඩි තැබීමේ ක්‍රීඩිකා මනු භාකර් 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 10 වායු පිස්තෝල ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

තරගාවලියේ සිව්වැනි දිනයේ පැවැති සුදුසුකම් ලැබීමේ වටයේදී ලකුණු 579ක් ලබාගනිමින් තුන්වැනි ස්ථානයට පත්වීමත් සමඟ ඇය අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

තරග වට හයකදී 579-20xක දක්ෂතාවක් වාර්තා කළ මනු භාකර්, පළමු වටයේදී ලකුණු 95ක් ලබාගත්තද ඉන් අනතුරුව දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වෙමින් ලකුණු 96, 96 සහ 98ක් ලෙස අවසන් වට තුනේදී දක්ෂතා දැක්වූවා.

ඒ අනුව ඉහළම ක්‍රීඩිකාවන් අට දෙනා අතරට එක්වෙමින් අවසන් තරගයට පිවිසීමට ඇයට හැකි වී තිබෙනවා. කෙසේ වෙතත්, කාන්තා මීටර් 10 වායු පිස්තෝල කණ්ඩායම් ඉසව්වේදී ඉන්දියාවට පදක්කමක් හිමි කර ගැනීමට නොහැකි වූ අතර, ඔවුන් සිව්වැනි ස්ථානයෙන් තරගය අවසන් කළා. පදක්කමක් අහිමි වී ඇත්තේ ඇතුළත-10 වෙඩි දෙකක සුළු පරතරයකින් බව සඳහන්.

ඉන්දියාව නියෝජනය කළ ඊෂා සිං ලකුණු 572ක් ලබා 16වැනි ස්ථානයට පත්වූ අතර, සුරුචි සිං ලකුණු 568ක් ලබා 26වැනි ස්ථානයට පත්වුණා.

“සුන්දර වෙඩික්කාරියන් තරග බිමට” - ඔලිම්පික් ශූරියක වන මනු භාකර් සහ ඊෂා සිං ආසියානු ක්‍රීඩා උළෙලට

“සුන්දර වෙඩික්කාරියන් තරග බිමට” - ඔලිම්පික් ශූරියක වන මනු භාකර් සහ ඊෂා සිං ආසියානු ක්‍රීඩා උළෙලට

සුන්දර ක්‍රිකට් තාරකාවිය ස්මෘති මන්ධනාගේ ප්‍රියතම ආහාරය හෙළි කරයි - “මට ඒක පාලනය කරගන්න බැහැ”

සුන්දර ක්‍රිකට් තාරකාවිය ස්මෘති මන්ධනාගේ ප්‍රියතම ආහාරය හෙළි කරයි - “මට ඒක පාලනය කරගන්න බැහැ”