හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේදී වෙන්න යන පෙරළිය - දැවැන්ත විරෝධතා මැද 22 ගැන ගන්න යන අවසාන තීරණය

Report

22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදය හෙට (24) දින සහ අනිද්දා (25) දින පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව සඳහන්.

ඉන් පසු ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව 3න් 2ක බහුතර බලයකින් අදාළ පනත් කෙටුම්පත සම්මත කළ යුතු වේ.

එසේම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය සංවිධාන කරන විරෝධතාවය හෙට පොල්දූව මංසන්ධියේදී පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන්.

ලේ විලක් මැද නිහඬ වූ ජීවිතවලට වසර 7කට පසු දුන් අවසන් පිළිතුර - වින්දියන් හඬා වැටෙද්දි විත්තිකරුවන් සිනාමුසු මුහුණින් අධිකරණයෙන් පිටතට

ලේ විලක් මැද නිහඬ වූ ජීවිතවලට වසර 7කට පසු දුන් අවසන් පිළිතුර - වින්දියන් හඬා වැටෙද්දි විත්තිකරුවන් සිනාමුසු මුහුණින් අධිකරණයෙන් පිටතට

එමෙන්ම මේ වනවිටත් විපක්ෂයේ පාර්ශව කිහිපයක් ඊට එක්වන බව ප්‍රකාශ කර තිබෙන අතර හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් අද(23) දින පැවැත්වෙන හමුවෙන් පසුව ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය අවසන් තීරණය ගැනීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායකවරයා විසින් ඊයේ(22) දින ප්‍රකාශයට පත් කර ඇත.

ඊට අමතරව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂයේ දේශපාලනඥයින් ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් එක්ව කොළඹ ලිප්ටන් වටරවුම ඉදිරිපිට ඊයේ(22) රාත්‍රියේ පන්දම් විරෝධතාවයක් පවත්වා තිබුණා.

අද රත්තරන් ගන්න පෝලිම් පනින තරමට අඩු වුණ රන් මිල - කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙයි

අද රත්තරන් ගන්න පෝලිම් පනින තරමට අඩු වුණ රන් මිල - කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙයි

පාසල් වසා දැමීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යක්ෂවරුන්ට උපදෙස්

පාසල් වසා දැමීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යක්ෂවරුන්ට උපදෙස්