හිටපු මහ බැංකු අධිපතිට පනවා තිබූ විදෙස් ගමන් තහනම ගැන ගත් තීරණය.

By Gagana May 08, 2024 12:27 PM GMT
Report

කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ පවරා ඇති නඩුවේ විදේශ ගමන් සම්බන්ධයෙන් පනවා ඇති තහනම සම්පූර්ණයෙන් ඉවත් කර ගන්නා ලෙසට මෝසමක් ගොනුකරමින් සිදු කළ ඉල්ලීම අද(08) ප්‍රතික්ෂේප කරන ලදී.

මෙහිදී රජයට අයත් මුදල් සාපරාදී විශ්වාසය කඩ කිරීමක් සිදුකර ඇති බවත් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමක් සිදුකර ඇති බවටත් නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමියන් පුද්ගලිකව නඩු පවරා ඇති අතර එම නඩුවට අදාළව අජිත් නිවාඩ් කබ්රාලට විදේශ ගමන් තහනමක් පැනවූ නමුත් ඔහු සැකකරුවකු ලෙස නම්කර නැතැයි පොලිසිය අධිකරණය හමුවේ දන්වා සිටියා.

මේ අනුව මහේස්ත්‍රාත්වරයා නියෝගය දෙමින් පැවසුවේ විමර්ශන අනුව ඕනෑම අවස්ථාවකදී සැකකරුවෙකු ලෙස නම් කළ හැකි බවත් විදේශගත වුහොත් විමර්ශන වලට බාධා විය හැකි බවත්ය.විදේශ ගතවීමට අවශ්‍ය නම් එම අවස්ථාවේදී එම ඉල්ලීම කරන ලෙස පැවසූ මහේස්ත්‍රාත්වරයා ස්ථිරවම පවසා සිටියේ අදාළ තහනම ඉවත් කළ නොහැකි බවයි.

...........................................................................

May you Like