බැටරියක් ගිලපු බිළිඳාගේ මරණයටත් චෝදනාවක් - තමන්ගේ කිරි සප්පයාව උදුර ගත්ත බවට හඬා වැටෙන මවගේ කඳුළු කතාව

Report

ඉකුත් දිනවල මුළු ලංකාවෙම අවධානය යොමු වූ බැටරියක් ගිලපු බිළිඳාගේ මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පුරාවටම විවිධ කතාබහ මතුව ඇත. ඒ සඳහා හේතු වී ඇත්තේ මියගිය බිළිඳාගේ මව නගන චෝදානාවක් බව සඳහන්.

ඒ අනුව "පැය 3ක් යනකල් මාතර රෝහලේදී දරුවා ETU එකේ විතරයි" අප්‍රේල් 2 වෙනිදා රෑ බැටරිය ගිලපු ගමන් දරුවාව මාතර රෝහලට අරන් ගියත්, කිසිම ප්‍රතිකාරයක් නැතුව පැය 3ක් දරුවාව තියාගෙන හිටපු බව ඇය දැඩි වේදනාවෙන් පවසන බව සඳහන්.

එසේම ඇය ප්‍රශ්න කරන්නේ "දැන් උපදෙස් දෙන දොස්තරලා එදා ඒ මූලික ප්‍රතිකාර නොකළේ ඇයි?" යනුවෙන්.

බිලිඳු මරණයට හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සම්බන්ධයක් නෑ - GMOA

බිලිඳු මරණයට හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සම්බන්ධයක් නෑ - GMOA

මාතරින් කරාපිටියට යැව්වද බැටරිය අයින් කරන්න පැය 13ක් ගත වූ බවත් මව පවසන පරිදී එම ප්‍රමාදය හේතුවෙන් දරුවාගේ ඇතුළත තුවාල වී ඇති බවත්, වෛද්‍යවරු එය වසං කර ඇති බවටත් චෝදනා නඟන බව වාර්තා වේ.

එමෙන්ම බැටරිය අයින් කර සති තුනක් හොඳින් හිටපු දරුවා අප්‍රේල් 28 වෙනිදා එකපාරටම ලේ වමනය කර තිබූ අතර වෛද්‍යවරු උත්සාහ කළද ඉකුත් මැයි 3 වැනි දින කුඩා බිළිඳා මෙලොවින් සමු ගෙන තිබූ බවටත් විවිධ කතා මේ වන විට සමාජ මාධ්‍ය පුරා මතුව ඇති බව සඳහන්.

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

මෙහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ දිනවල සමාජ මාධ්‍ය පුරාවටම විවිධ පුවත් හේතුවෙන් වෛද්‍යවරුන්ට විවිධ චෝදනා නැගෙමින් පවතී.

එය බරපතළ ප්‍රශ්නයකි. එබැවින් මෙහි සත්‍ය අසත්‍යතා පරික්ෂා කර යම් වරදක් වී ඇත්නම් ඊට නිසි දඬුවම් ලබා දීම සමාජ යාන්ත්‍රණයේ මෙසේ මුල් බැස ගෙන පවතින දහසකුත් පැනවලට දිය හැකි නිවැරදිම විසඳුම බව අඳාළ නිලධාරීන් සිහි තබා ගත යුතුය.

එවිට ජනතාවගේ විශ්වාසය මෙන්ම වෘත්තියේ ගෞරවයද රැකෙනු ඇත.   

ගාල්ල කළඹමින් වෙඩි තැබීමක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ගාල්ල කළඹමින් වෙඩි තැබීමක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට