ගාල්ල කළඹමින් වෙඩි තැබීමක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට
By Kaushi
ගාල්ල, දංගෙදර, ඩික්සන් හන්දිය ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත. අද (12) දින උදෑසන 7.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම වෙඩි තැබීම මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් සිදුකර පලාගොස් ඇති බව පවසයි.
එසේම ෙවෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා ප්රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර තිබුණා.
එහෙත් රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මෙසේ මියගොස් ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.