"..ආයුබෝවේවා මහ රජාණෙනි.." ගීතයේ ගී පද රචක සුනිල් ආර් ගමගේ සහ ගායිකා සහේලි ගමගේ ජනතාවගෙන් සමාව අයදි..!
“ආයුබෝවේවා මහරජාණෙනි” ගීතය රචනා කිරීම සම්බන්ධයෙන් ප්‍රවීන ගීත රචක සුනිල් ආර් ගමගේ සමාව අයැද සිටිනවා. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන ගිය යුද්ධයේ දී රජය ලැබූ ජයග්‍රහණය වර්ණනා කිරීම සඳහා රචනා කරන ලද ගීතයේ එවකට ජනාධිපති රාජපක්ෂ රජෙකු ලෙස නිරූපණය කර ඇත.
ගීත රචකයා පැවසුවේ තමා දැනට සිටින්නේ අතීතයේ සිටි ස්ථානයේ නොව වර්තමානයේ ජාතියේ දරුවන් සමඟ බවයි. ජනාධිපතිවරයාට සහ ඔහුගේ රජයට එරෙහිව කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති මහජන විරෝධතාවයට එක්වීමෙන් අනතුරුව ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර ප්‍රකාශයක් නිකුත් කරමින් එම ගීතය ගායනා කළ සහේලි ගමගේ රට තුළ පවතින අවාසනාවන්ත තත්ත්වයට තමන් ගැයූ ගීතයද බලපෑවේ නම් ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව අයැද සිටිනවා.
ගීතයෙන් ලැබෙන සියලුම ආදායම ආබාධිත යුද හමුදා සෙබළුන්ගේ සුබසාධනය සඳහා වැය කළ බව ඇය පැවසුවාය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
