කොදෙව්වන්ට හැරෙන්නවත් නොදුන් ඔස්ට්‍රේලියානුවන් වාර්තා අතරට
බටහිර ඉන්දීය කොදෙව් දෙවන ඉනිම ලකුණු 27කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත්ව තිබෙනවා.
ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තුන්වන ටෙස්ට් තරගයේදීයි.
ඒ අනුව මෙය ඉතිහාසයේ දෙවන අඩුම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව අතරට එක්වුණා. මෙම තරගය ජැමෙයිකාවේ කිංග්ස්ටන් හි දී පවත්වා ඇත.
එසේම මීට පෙර මෙම වාර්තාව තබා ඇත්තේ 1955 දී එංගලන්තය මඟින් ලකුණු 26කට නවසීලන්ත කණ්ඩායම සීමා කරමින් බව සඳහන්.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්
එමෙන්ම මෙහිදී ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් වේගකාරී පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 9කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.
මේ අතර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් 7 දෙනෙක් ලකුණු නොලබාම දැවී යෑම විශේෂත්වයක් වුණා.