ඔස්ට්‍රේලියාවේ 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනමට Reddit ද එක් වෙයි
By Kanchana
ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16ට අඩු ළමුන් සඳහා දෙසැම්බර් මාසයේ ආරම්භ වන ලොව ප්‍රථම සමාජ මාධ්‍ය තහනමට ජනප්‍රිය සංසද වෙබ් අඩවියක් වන Reddit සමාජ මාධ්‍ය එකතු කර ඇත.
ඒ අනුව මෙහිදී තහනමට ලක් වූ වෙබ් අඩවි ගණන නවයක් වේ.
ඒ අතරට Facebook, X, Snapchat, TikTok, YouTube, Instagram, Threads සහ සජීවී විකාශන වේදිකාවක් වන Kick සමාජ මාධ්‍ය ද ඇතුළත්ය.
මෙම වසරේ දෙසැම්බර් 10 වන දා දින සිට, තාක්ෂණික සමාගම් වයස අවුරුදු 16ට අඩු අය සඳහා පවතින ගිණුම් අක්‍රිය කිරීමට සහ නව ගිණුම් තහනම් කිරීමට පියවර නොගන්නේ නම්, ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50 දක්වා දඩ මුදලක් නියම කළ හැකි බව වාර්ථා වේ.
තවද Discord, WhatsApp, ක්‍රීඩා වේදිකා වන Lego Play සහ Roblox සමාජ මාධ්‍ය තහනමට ඇතුළත් නොවේ.
ඒවගේම Google Classroom සහ YouTube Kids ද මෙම තහනමට ඇතුළත් කර නොමැත.