හෙරොයින් ලඟ තබා ගත් මාලිමා මන්ත්‍රිනිගේ විදුහල්පති සැමියාගේ වැඩ තහනම්

Report

හෙරොයින් තොගයක් සමඟ පසුගියදා අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩ තහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා තීරණය කර තිබේ.

ඒ අනුව අදාළ විදුහල්පතිවරයා වෙත මෙය ලිඛිතව යොමු කරමින් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දන්වා ඇත්තේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරිපත් කළ කරුණු සලකා බලා ආයතන සංග්‍රහයේ වගන්ති වලට අනුව වරදක් සිදු කර ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කිරීමට කටයුතු කළ බවයි.

මෙම විදුහල්පතිවරයා පසුගියදා හොරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 118ක් සමග අත්අඩංගුවට ගනු ලැබීය. මෙම සිදුවීමත් සමගම සැමියාට සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වීමත් සමගම මාලිමා මන්ත්‍රීවරිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

මාලිමාව අයවැය පරදී

මාලිමාව අයවැය පරදී

ඇගේ සැමියා සහ පුත්‍රයා සම්බන්ධයෙන් මේ වන විට නීතිය ක්‍රියාත්මක වන අතර මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම සඳහා මුළු අවධානයම යොමු වී ඇති

මෙවැනි මොහොතක ඇතිවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇය පුද්ගලිකව දැඩි කම්පාවට පත්වන බවද මෙහිදී සඳහන් කර තිබේ. ඒ අනුව නීතියට සහාය දීමක් ලෙස රටේ යහපත් අනාගතය උදෙසා ඇය මෙවැනි තීරණයක් ගත් බවත් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මාලිමා මන්ත්‍රීනිගේ විදුහල්පති සැමියා වමාරයි - මන්ත්‍රීනියට පාතාලේ එක්ක තියෙන සම්බන්ඳතාත් එළි වෙයි

මාලිමා මන්ත්‍රීනිගේ විදුහල්පති සැමියා වමාරයි - මන්ත්‍රීනියට පාතාලේ එක්ක තියෙන සම්බන්ඳතාත් එළි වෙයි