කළුවරේ ෆිල්ම් එක බල බල ඉද්දි වෙච්ච දේට තව පොඩ්ඩෙන් ප්‍රේක්ෂකාගාරෙම මරු කටට ගිහින් නවතින්නේ

Report

චිත්‍රපට ප්‍රදර්ශනයක් අතරතුර සිවිලිමේ කොටසක් කඩා වැටීමෙන් ළමුන් ඇතුළු අවම ලෙස පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව මෙසේ කඩා වැටී ඇත්තේ ඉන්දියාවේ ගුවහාටි හි PVR සිනමා ශාලාවක කොටසක්.

මාලිමා මන්ත්‍රීවරයෙක් පුද්ගලයෙක්ගේ කණක් කපා අත්අඩංගුවට

මාලිමා මන්ත්‍රීවරයෙක් පුද්ගලයෙක්ගේ කණක් කපා අත්අඩංගුවට

ඊයේ (03) දින රාත්‍රියේ 'මහාවතර් නර්සිංහ' චිත්‍රපටය ප්‍රදර්ශනය කරමින් සිටියදී මෙම සිදුවීම සිදුව ඇත.

එසේම විදෙස් මාධ්‍ය වාර්තා කළේ උඩිස් ව්‍යුහයේ කොටසක් හදිසියේම කඩා වැටීමෙන් සුන්බුන් විසි වී තිබෙන බවයි.

මේ අතර සිනමා ශාලාවේ කාර්ය මණ්ඩලය ප්‍රදර්ශනය නවතා ප්‍රේක්ෂකයින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම තුවාල ලැබූවන්ට එම ස්ථානයේදීම ප්‍රථමාධාර ලබා දී ඇති බව සඳහන්.

රටේ මිනිස්සු වාහන ගන්නවා වැඩියි, ඒ නිසා බදුයි පොලියයි වැඩි කරන්න සූදානමක්

රටේ මිනිස්සු වාහන ගන්නවා වැඩියි, ඒ නිසා බදුයි පොලියයි වැඩි කරන්න සූදානමක්

තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් එරට බලධාරීන් විසින් සිනමා ශාලාව පරීක්ෂා කිරීමට මේ වන විට සිනමා ශාලාව තාවකාලිකව වසා දමා ඇත.

එසේම එම සිනමා ශාලාවේ සාප්පු සංකීර්ණ කළමනාකාරිත්වය සහ PVR නිලධාරීන් තවමත් මේ සිද්ධිය පිළිබඳ නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව ද වාර්තා වේ.

මට මේවා එපා වෙලා තියෙන්නේ..පවුලම වෛද්‍යවරු වෙලත් එයාව බේර ගන්න බැරි වෙලා, වෛද්‍ය සිසුවෙක් ජීවිතක්ෂයට

මට මේවා එපා වෙලා තියෙන්නේ..පවුලම වෛද්‍යවරු වෙලත් එයාව බේර ගන්න බැරි වෙලා, වෛද්‍ය සිසුවෙක් ජීවිතක්ෂයට

අදත් වාර්තාගත ලෙස වෙනස් වූ රන් මිලේ අගයන් මෙන්න

අදත් වාර්තාගත ලෙස වෙනස් වූ රන් මිලේ අගයන් මෙන්න