කඩේ අයිතිකාරයට ඇනලා හොරකම් කරලා පොලිසියෙන් අල්ලන් යද්දී මාංචු පොලිස් ලොක්කගේ බෙල්ලට දාලා හිර කරලා වලකට පැනලා
සොරකමක් නිසා අත්අඩංගුවට ගත පුද්ගලයකු ඔහුගේ අත්වලට මාංචු දමා තිබියදී ඒ සමගම කිඹුලන් සිටින දිය වළකට පැනීමේ සිද්ධියක් වාර්තා වේ.
මෙම පුද්ගලයා ඊයේ (27) රාත්‍රියේ මිල්ලනිය ප්‍රදේශයේ ඇති වෙළෙඳසැලකට රිංගා භාණ්ඩ සොරකම් කරමින් සිටියදී වෙළදසැලේ අයිතිකරු දැක කෑ ගසා ඇත.
නමුත් මොහු වෙළදසැලේ අයිතිකරුට තියුණු ආයුධයකින් පහරදී වෙළදසලෙන් පැන ගොස් ඇත. තුවාල ලැබූ පුද්ගලයාව ගෝනදූව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සදහා පානදුර රෝහලට යවා ඇත.
පසුව අද (28) උදෑසන මිල්ලනිය පොලීසිය විශාල මෙහෙයුමක් සිදුකර සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුට මාංචු දමා යතුරුපැදියකින් රැගෙන යන විට යතුරුපැදිය ධාවනය කළ පොලිස් නිලධාරියාගේ ගෙලට මාංචු කුට්ටම දමා ගෙල සිරකොට යතුරුපැදිය පෙරළා 'කොස් ගහ වළ'නම් වතුර පිරුණු වළකට පැන ඇත.
ප්‍රදේශවාසීන් හා මිල්ලනිය පොලිසිය එක්ව සැකකරුව බේරාගෙන නැවත පොලිස් ස්ථානයට රැගෙන ගිය අතර සැකකරුට කිසිදු අනතුරක් සිදු වී නොමැති බව මිල්ලනිය පොලීසිය වාර්තා කරයි.