අපිට මෙහෙ කන්නවත් තක්කාලි නැතුව ඉද්දි තක්කාලි ටොන් 120කින් කරලා තියෙන දේ
ලොව විශාලතම කෑම සටන හෙවත් ලා ටොමෙන්ටිනා ස්පාඤ්ඤයේ බුඥෝල් හිදී පවත්වා ඇති බව වාර්තා වේ. ඒ අනුව වාර්ෂිකව අගෝස්තු මාසයේ අවසන් බදාදාවේ පැවැත්වෙන මෙම සටන මෙවර 80 වැනි වරට පවත්වා ඇත.
මෙම ක්‍රීඩාවේ විශේෂත්වය නම් එය සිදු කරන්නේ ටොන් 120ක පමණ ඉදුණු තක්කාලිවලින් එකිනෙකාට පහරදෙමින් වීමයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ලොව වටා විවිධ රටවලින් මිනිසුන් මෙම නගරයට පැමිණ අදාළ ක්‍රීඩාවට සහභාගි වේ.
ඒ අනුව ඉකුත් වසරේදී බුඥෝල් නගරයට මෙම තක්කාලි සටන වෙනුවෙන් 22,000ක පිරිසක් පැමිණ තිබූ බව සඳහන්.
මෙම ක්‍රීඩාව ප්‍රථම වරට 1945 දී ආරම්භ වී ඇත්තේ පෙළපාලියක් අතරතුර එම නගරයේ සිටි යොවුන් තරුණයින් දෙපාර්ශ්වයක් අතර වූ සිද්ධියකින් බව පවසයි.
එසේම මෙම ක්‍රීඩාව තුළ අනිවාර්යයෙන් පිළිපැදිය යුතු නීතිරීති ද වේ. එනම් තක්කාලි පහරදීමට පෙර මිරිකා දැමිය යුතු වීමයි.
එසේම දැඩි දේවල් කිසිවක් සිරුරේ හෝ ඇඳුමේ තබාගැනීම ද තහනම් වන අතර බෝතල් එම ස්ථානයට ගෙන ඒම ද තහනම්.
තවද මෙම ක්‍රීඩාවේදී අනෙකාගේ ඇඳුම් ඉරාදැමීමට කිසිවකුට හැකියාවක් නොමැත.
එසේම ගිනිකෙළි අනතුරු ඇඟවීමේ දෙවැනි සංඥාව ඇසුණු වහාම නැවතීම ද අනිවාර්ය වේ.