මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ණය ඉල්ලුම ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, මෙම ප්‍රවණතාවය තුන්වන කාර්තුවේදී ද පවතිනු ඇති බවට ප්‍රකාශ කර ඇත.
එහිදී විශේෂයෙන්ම, තුන්වන කාර්තුවේදී සියලු අංශවල ණය ඉල්ලුම ඉහළ යනු ඇති බවට බලාපොරොත්තු වන බව සඳහන්.
මේ සඳහා ප්‍රධාන හේතු කිහිපයක් බලපා තිබෙනවා.
ඉන් පළමුවැන්න වන්නේ වාහන ආනයනය ඉහළ යාම බව සඳහන්.
එසේම දෙවනුව, පොලී අනුපාත තවදුරටත් පහළ යනු ඇතැයි පාරිභෝගිකයන් සහ ව්‍යාපාරිකයන් අතර ඇති විශ්වාසය බව පවසයි.
තෙවනුව පාරිභෝගික විශ්වාසය වැඩි වීම සහ ව්‍යාපාර සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය වීම දක්වා ඇත.
ඒ අනුව මෙම සෑම සාධකයක්ම ඉදිරි කාර්තුවේදී ණය ඉල්ලුම තවත් වැඩි කිරීමට දායක වනු ඇතැයි මහ බැංකුව විශ්වාස කරන බව සඳහන්.