නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සැප්තැම්බරයේදී අවසන් වන බව නිවේදනය කරයි

Report

ඊයේ (27) පස්වරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී රැස් වූ රැස්වීමේදී ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා විශේෂ ප්‍රකාශයක් කර තිබේ. ඒ අනුව නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් කරන බව නිවේදනය කළේය.

මේ පැති ඇරෙන්න අනිත් පැති වලට බස් දුවනවලු - ඇමතිතුමා පැහැදිලි කරයි

මේ පැති ඇරෙන්න අනිත් පැති වලට බස් දුවනවලු - ඇමතිතුමා පැහැදිලි කරයි

එයට අනුව පනත් කෙටුම්පතට ගෙන එනු ලබන සංශෝධන සම්බන්ධයෙන් විමර්ශනාත්මකව දෙවැනි වරටත් පරීක්ෂා කරන බවද ඔහු පැවසුවේය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් මෙරට බලපැවැත්වෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධිවිධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට ලද කැබ්නට් අනුමැතිය මත මෙම විද්වත් කමිටුවක් පත් කර ඇත.

අනතුරක් විය හැකියි - ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

අනතුරක් විය හැකියි - ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

නූතන ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණදීම, දේශිය සහ විදේශිය වශයෙන් පුද්ගලයන්ගේ මානව හිමිකම් සහ අන්තර්ජාතිකව පිළිගන්නාවු ප්‍රමිතීන්ට අනුගතවීම මෙම නව පනතක් හඳුන්වාදීමේ අරමුණ බව ඔවුන් වැඩිදුරටත් පැහැදිලි කරයි.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම