ජනපති අනුරගේ දේශීය සංචාර තොරතුරු දැනගන්න බෑ- ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
Anura Kumara Dissanayaka
Presidential Secretariat of Sri Lanka
Presidential Update
Latest Headlines
Sinhala news
By Ashfa
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ දේශීය සංචාර පිළිබද තොරතුරු, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) යටතේ ඉදිරිපත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
අගෝස්තු 4 වන දින ජිනාත් ප්‍රේමරත්න මහතා විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර,ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සෘජුවම අදාළ වන තොරතුරු හෙළිදරව් කිරීමෙන් නිදහස් කරන RTI පනතේ 5(1)(b)(i) වගන්තියට යටත්ව අගෝස්තු 27 වැනි දින මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
වැඩිදුරටත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අයදුම්කරු වෙත දැනුම් දී ඇත්තේ, පනතේ 31(1) වගන්තිය යටතේ දින 14ක් ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවයි.