අවුරුදු 11දී අවුරුදු 50ක ස්ත්‍රී දුෂකයෙක්ගේ බිරිදක් වෙලා - අවාසනාවන්තම ගෑණු ළමයා මෙයා තමයි [PHOTOS]
ඇමරිකාවේ නිව් ජර්සි හි වුල්වර්ත්ස් නම් ගමේ ජීවත් වූ පාසලේ පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 11 වියැති සැලී හෝනර් පාසල අසල බුක් ශොප් එකකින් හොරෙන් නෝට් බුක් එකක් උස්සනවා.
ඇගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නේ මේ කුඩා හොරකමත් සමගයි. සැලී නොසිතුවත් මේ සොර කම ඒ අසල සිටි තරමක් මැදිවියේ පුද්ගලයෙක් දකිනවා. සැලී කඩෙන් එළියට යනවත් එක්කම මේ මිනිස සැලීගේ අතින් අල්ලලා ඔහු FBI නියෝජිතයෙකු බව ඇයට පවසනවා.
ඒ වගේම ඇයව මේ සොරකම නිසා පුනරුත්තාපන මධ්‍යස්ථානයකට යැවිය යුතු බවට ඔහු ඇයට තර්ජනය කර ඇයව මුදාහරිනවා. එතනින් ඒ ප්‍රශ්නය ඉවරයි කියලා හිතුවට ඇත්තටම ප්‍රශ්නේ පටන් ගන්නේ එතන ඉඳලා තමයි.
ෆ්‍රෑන්ක් ලා සැල් නම් වූ මේ මිනිසා ඉන් මාස අවුරුදු 11දී අවුරුදු 50ක ස්ත්‍රී දුෂකයෙක්ගේ බිරිදක් වෙලා අවාසනාවන්තම ගෑණු ළමයා මෙයා තමයි කිහිපයකට පස්සේ එනම් 1948 ජුනි මාසයේදී ආයෙත් සැලී හෝනර්ව හොයාගෙන එනවා. සැලී පාසලෙන් නිවසට ඇවිද යන අතරතුර ඇයට බාධා කරමින් ඇය පසු පස එන මේ පුද්ගලයා සැලීට කියන්නේ සැලි කරපු හොරකම වෙනුවෙන් ලිහිල් දඩුවමක් ලබාදෙන්නට අත්ලාන්තික් නගරයට ඇයව රැගෙන එන ලෙසට රජය ඔහුට නියෝග දුන් බවකුයි.
අවුරුදු 11ක් පමණ වයස ලාබාල දැරියක් වූ සැලී මේ දේට බිය වෙනවා. මේ පුද්ගලයා විසින් පසු සැලීට පවසන්නේ නිවසට යාළුවෙක්ගේ පවුලේ අය සමග ට්‍රිප් එකක් යන බව පවසා අම්මට බොරු කියා නිවසින් පැනගන්නා ලෙසයි. ඒ අනුව සැලී ඔහුගේ උපායන් අනුව ක්‍රියාත්මක වෙලා දඩුවම විදින්න ඔහුත් එක්ක කාර් එකේ අත්ලාන්තික් නගරයට යාමට පිටත් වෙනවා.
නමුත් ඇත්තටම මේ පුද්ගලයා FBI නියෝජිතයෙක් නෙවෙයි. මොහු සැලීව එක්කන් යන්නේ වයසට වඩා පෙනුමෙන් සහ රුවින් වැඩී සිටි තවමත් වැඩිවියට පත් නොවූ ලාබාල දැරියක් වූ සැලීව දූෂනය කිරීමේ අරමුණිනි. 1948 වසරේ ජුනි මාසයේදී ඒ අයුරින් මේ නරුම මිනිසා සමගින් යන ලැසී ඔහු විසින් ඔහුගේ බිරිද ලෙස තබා ගනිමින් දරුණු ලෙස අපයෝජනය කරන්න පටන් ගන්නවා.
මුලදී එය අයට වේදනාත්මක අත්දැකීමක් වුණත් ඇය පසුව මේ දේට හුරු වී තිබෙනවා.ටික කාලයකින් ඔහු සැලීට කරුනාවන්ත වන්නටත් පෙළඹෙනවා.. ඔහු සැලීව විවිධ පළාත්වලට රැගෙන යන්නේ ඔහුගේ දියණිය ලෙස ඇයව මිනිසුන්ට හදුන්වා දෙමිනුයි.
ඒ අතර වාරයේදී සැලීව ඔහු පාසලකටත් ඇතුල් කරන්න වගබලා ගන්නවා. මේ වන විට ඔවුන් අඹු සැමියන් ලෙසයි ජීවත් වන්නේ. මේ අතර කාලයේදී සැලීගේ දෙමාපියන් දිගටම ඇයව සොයන්න පෙළඹී සිටි නිසා මේ පාසලේදී ඇති වූ සිදුවීමකින් සැලීගේ අනන්‍යතාවය ලොවට හෙළිවනවා.
1948 වසරේ ජුනි මාසයේදී ගෙදරින් ගිය සැලීව ඇගේ දෙමාපියන්ට නැවත දැක ගන්නට ලැබෙන්නේ මාස 21කට පසුවයි. ඒ 1950 මාර්තු මාසයේදී, ඇගේ 13 වන උපන්දිනයට ටික කලකට පෙරයි. අවුරුදු 13ක් වූවත් ඒ වන විට ඇය පෙනුමෙන් අවුරුදු 20කට ආසන්න යුවතියක් සේ සිටි බවයි සඳහන් වෙන්නේ.
අනික් අවාසනාවන්ත සිදුවීම සිදුවන්නේ ඉන් වසර දෙකකට පසුවයි. ඒ ඇයට වයස අවුරුදු 15වේදී සිදුවූ වාහන අනතුරකින් සැලී සඳහටම මේ ලෝකය හැරයාමයි.
අවුරුදු 11දී අවුරුදු 50ක කාමතුරයකුගේ බිරිදක්ව සිටි මේ අහිංසකාවියට එයින් මිදී නිදහසේ ජීවත් වන්නට ලැබෙන්නේ වසර දෙකක් පමනයි..





