පොලිස් නිලධාරියෙකුට වතුර බෝතලයකින් පහරදුන් හිටපු නාගරික මන්ත්‍රීවරයා රිමාන්ඩ්
Sri Lanka Police
Ranil Wickremesinghe
Sri Lanka Magistrate Court
Law and Order
Sinhala news
By Kaushi
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසළ මාර්ගයක සිය රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට වතුර බෝතලයකින් පහරදුන් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙම සිදුවීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නීති කෘත්‍ය ඉකුත් 26 වැනිදා කැඳවු විට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසළ මාර්ගයකදී සිදුව තිබුණා.
ඒ මත අඳාළ සැකකරු සැප්තැම්බර් 8 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) දින නියම කර ඇත.
එසේම මෙම සැකකරු කළුතර නගරයේදි අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මඟින් ඊයේ (27) දින කටයුතු කර තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරු නාගොඩ පදිංචි 52 හැවිරිදි හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන ධනුක හෙට්ටිආරච්චි බව පොලීසිය ප්‍රකාශ කළා.