පොඩි මැණිකේ දුම්රියට යට වී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Report

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රියේ ගමන් ගත් පුද්ගලයකු අද (28) දින පස්වරු 3.30ට පමණ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසලදී දුම්රියෙන් ඇද වැටී එම දුම්රියටම යට වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

එසේ මියගොස් ඇත්තේ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

ඔහු අද (28) දින කිසියම් අවශ්‍යතාවයකට බණ්ඩාරවෙල නගරයට යාමට මහනුවර දුම්රිය ස්ථානයෙන් පොඩි මැණිකේ දුම්රියට ගොඩවී ඇත.

එහිදී දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසලට පැමිණෙනවාත් සමගම දුම්රිය නතර කිරීමට පෙර ඉන් බැසීමට තැත් කිරීමේ දී ඇද වැටී මෙසේ ධාවනය වෙමින් පැවතී එම දුම්රියටම යට වීමෙන් මියගොස් ඇති බව මූලික විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

එසේම මියගිය පුද්ගලයාගේ දේහය මේවන විට බණ්ඩාරවෙල මූලික රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇති අතර බණ්ඩාරවෙල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්.

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

බලන් හිටපු උපාධිධාරි ගුරු විභාගය ගැන අලුත්ම ආරංචිය, වයස් සීමාවෙත් වෙනසක්

බලන් හිටපු උපාධිධාරි ගුරු විභාගය ගැන අලුත්ම ආරංචිය, වයස් සීමාවෙත් වෙනසක්