අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිට

Report

පුරප්පාඩු වී තිබූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයට අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ තේරී පත්ව ඇත.

ඒ අනුව මෙම ධුරය වෙනුවෙන් වූ නිලවරණය අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් අද (28) දින ප.ව. 2ට මහනුවර අස්ගිරි මහා විහාරයේ මංගල උපෝසථගාරයේ දී පැවැත් වුණා.

අස්ගිරි අනුනායක තේරීමේ නිලවරණය අද

අස්ගිරි අනුනායක තේරීමේ නිලවරණය අද

එසේම මේ වෙනුවෙන් අස්ගිරි කාරක මහා සංඝ සභාවේ හිමිවරුන් 19 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බව වාර්තා වේ.

මේ අතර මෙම ධුරයට අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත්වීමට දැහැත් ලබාදී තිබුණේ අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගනය රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි හා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී ධර්මාචාර්ය පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිවරුන්ටයි.

මෙම ධුරය අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයේ කටයුතු කළ පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියෝ අපවත්වීම නිසා පුරප්පාඩු වී තිබුණා.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය