සංකේත වර්ජනය නවතී

Report

අද (28) දින රත්නපුර රෝහල තුළ ආරම්භ කිරිමට නියමිතව තිබු සංකේත වැඩ වර්ජනය නතර කළ බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම වර්ජනය සැළසුම් කර තිබුණේ රත්නපුර රෝහලේ අධ්‍යක්ෂවරයාගේ දරදඩු ක්‍රියාවන්ට සහ රෝගී සත්කාර සේවාවන් හිතාමතා අඩපණ කිරීමට විරෝධය පළ කරමින්.

රත්නපුර ශික්ෂණ රෝහලේ සංකේත වැඩ වර්ජනයක්

රත්නපුර ශික්ෂණ රෝහලේ සංකේත වැඩ වර්ජනයක්

එසේම රෝහල් ප්‍රකාශකයකු රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ කණ්ඩායමක් පරික්ෂණයක් ආරම්භ කිරීම නිසා මෙම සංකේත වැඩ වර්ජනය නතර කල බව සඳහන් කළා.

ඒ අනුව මේ වන විට එම පරික්ෂණ කණ්ඩායම රෝහලට තුළට පැමිණ අඳාළ පුද්ගලයින්ගෙන් අදහස් ලබා ගනිමින් සිටින බවද පවසයි.

එසේම මහියංගනය, කෑගල්ල, නුවරඑළිය සහ ගම්පල රෝහල්වල අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන කාලයේදී ද ඔහු වෛද්‍යවරුන්ට දැඩි පීඩනයක් එල්ල කර පුද්ගලයකු බවට සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි ලැබී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය තුළ අඳාළ පුද්ගලයාට විරුද්ධව පැමිණිලි විශාල සංඛ්‍යාවක් තිබියදී රත්නපුර රෝහල වැනි ශික්ෂණ රෝහලක අධ්‍යක්ෂවරයා වශයෙන් පත්කිරිම බරපතළ තත්තවයන් නිර්මාණය කරන්නක් වූ බවද වාර්තා වේ.

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය