වැඩ පෙන්නන්න ගිය ලොක්කට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

Report

ජනාධිපති පොදු සමාව යටතේ නීතිවිරෝධී ලෙස අනුරාධපුර බන්ධනාගාරයෙන් මුදා හැරුණු ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්නට වසර 07ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා විසින් නියම කර තිබේ.

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

ඒ, කූඨ ලේඛනයක් සකස් කර බැංකුවක් මඟින් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාගෙන එම මුදල වංචනික ලෙස භාවිතා කිරීමේ චෝදනා යටතේය.

අදාළ චෝදනාවන්ට අනුව, කූඨ ලේඛනයක් භාවිතයෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් වසර 5ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද, සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් තවත් වසර 2ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම විය.

"ජනපති බොරු කියන්නේ - අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙලා තියෙන්නේ ව්‍යාපාරිකයන්ගේ කැමැත්තට කමිටුවේ 25න් 24ක්ම බිස්නස් ලොක්කෝ " - පුබුදු ජයගොඩ

"ජනපති බොරු කියන්නේ - අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙලා තියෙන්නේ ව්‍යාපාරිකයන්ගේ කැමැත්තට කමිටුවේ 25න් 24ක්ම බිස්නස් ලොක්කෝ " - පුබුදු ජයගොඩ

එයට අමතරව, මෙම නඩුවේ පැමිණිලිකාර වෛද්‍ය එස්.ඩබ්.ඒ. ගාමිණී විමලානන්දට රුපියල් ලක්ෂ 40ක වන්දි මුදලක් ගෙවීමටත්, එම වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් මාස 10ක සිරදඬුවමක් ක්‍රියාත්මක කිරීමටත් විනිසුරුවරයා නියෝග කළේය.

ගැහැණු - පිරිමි පාසල් එකට - අධ්‍යාපන ක්ෂේත්‍රයට නව තීරණයක්

ගැහැණු - පිරිමි පාසල් එකට - අධ්‍යාපන ක්ෂේත්‍රයට නව තීරණයක්

මෙම නඩු විභාගය අවසන් වී තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා අද (25) අනුරාධපුර මහාධිකරණය හමුවේ නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කරන ලදී.