කවී වෙනුවෙන් යලි එකතු වූ අතුල-සමිතා [PHOTO]
Gossip Today
Birthday
Athula Adikari
Samitha Mudunkotuwa
Sinhala news
By Mithu
සංගීත ලෝකයේ ආදරණීය සංගීත තරු දෙකක් තමයි අතුල - සමිතා කියන්නේ..මේ දෙන්නගෙ ගීත අහන්න බොහෝ දෙනෙක් කැමතියි. ඒ වගේම තමයි අතුල සමිතා එකට ජීවත් වුණු කාලේ බොහොම ලස්සනට ජීවත් වුණා. ඒ ජීවිතෙන් ඔවුන්ට ආදරණීය දියණියක් ඉන්නවා. ඇය කාවින්දයා අධිකාරි පසුකාලීනව අතුලයි සමිතයි විවාහ ජීවිතෙන් වෙන් වෙන්න තීරණය කරනවා ඒ ඔවුන් නොගැලපෙනවා යැයි සිතුනු අවස්ථාවක. ඒ අවස්ථාවේදී අතුල වෙනත් විවාහයක් කරගන්නා අතර සමිතාත් නැවත විවාහයක් කර ගත්තා.
කෙසේ නමුත් ඔවුන් තමන්ගේ දරුවන්ගේ සුවිශේෂී අවස්ථාවන් වලට සම්බන්ධ වෙලා ඒ අවස්ථාවන් සමරන්න අමතක කරන්නේ නැහැ. ඉතින් ඒ විදිහට අතුල පසුගියදා කාවින්දයාගේ උපන්දිනය දවසේ ඇයට ලස්සන සෆ්ප්‍රයිස් එකක් දෙනවා සමිතත් එක්ක එකතු වෙලා. ඒක හරිම ආදරණීය අවස්ථාවක් ඒ අවස්ථාවට අතුලයි සමිතයි නැවත වතාවක් ආදරයෙන් එකතුවෙලා තිබුණා.




