මව සහ සොහොයුරා මරා මුහුදේ පනින්නට ගිය උපාධි අපේක්ෂකයෙක් අත්අඩංගුවට..
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුවොට්ටියූර් නම් ප්‍රදේශයෙන් මව සහ සොයුරා ඝාතනය කළ 20 හැවිරිදි තරුණයෙක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම්. පද්මා (45) සහ ඇයගේ බාල පුත්‍රයා වන 10 වැනි පන්තියේ ඉගෙනුම ලැබූ එම්. සංජය (14) නමැති සහෝදරයාය.
මෙම ඝාතනය සිදු කළ තරුණයා උපාධි අපේක්ෂකයෙක් වන අතර තමාට විභාගයෙන් ලකුණු අඩුවීම හේතුකරගෙන මව නිතර නිතර බැන වැදීම නිසා මෙම ඝාතනය සිදුකළ බවයි ඔහු සඳහන්කර ඇත්තේ.
මෙම තරුණයා සිය පුංචි අම්මාට යැවූ කෙටි පණිවිඩයක් තුළින් මෙම ඝාතනය පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ සැමියා ඕමානයේ දොඹකර ක්‍රියාකරුවෙකු ලෙස සේවය කළ අතර පද්මා සිය පුතුන් සමඟ තිරුවොට්ටියූර්හි තිරුනගර් පළමු වීදියේ නැවතී සිට තිබේ .
කෙසේ වෙතත් මෙම අපරාධය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටි අතර මුහුදු වෙරළේ නිදාගෙන සිටියදී ඔහුව පොලිසිය විසින් සොයා ගැනීමට සමත්ව ඇත .
සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම තරුණයා පැවසුවේ තම පියා උපයන මුදල ප්‍රමාණවත් නොවන බව පවසමින් මව නිතර පැවසූ බවත් පවුලේ වගකීම තමන්ට භාර ගැනීමට සිදුවීම පිළිබඳව තමන් දැඩි කණස්සල්ලෙන් සිටි බවයි.
එම හේතුව නිසාම ඔහුට අධ්‍යාපන කටයුතුද මගහැරුණු බවයි ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශකර සිටියේ.
එම නිසා දැඩි ආතතියෙන් සිටි ඔහු මෙම අපරාධය සිදුකර තමන්ද සියදිවි නසාගැනීමේ තීරණයක සිටි බවයි සැකකරු වැඩිදුරටත් සඳහන් කර ඇත්තෙ.