පාසල් පෙමක් නිසා පෙම්වතාට පෙම්වතියගේ ඥාතීන් කල දේ..දෙමළ සිනමාවක සිදුවීමක් සැබෑවටම සිදුවෙලා..

Report

ප්‍රේම සම්බන්ධය නතර නොකිරීම හේතුවෙන් කෝපයට පත් වූ පෙම්වතියගේ ඥාතීන් විසින් ඊයේ (23) දින කිළිනොච්චිය, විනයාගපුරම් දේශයේ තරුණයෙකුගේ අතක් කපා දමා ඇත.

විශේෂිත දූත පිරිසක් රුසියාවට..

විශේෂිත දූත පිරිසක් රුසියාවට..

වයස අවුරුදු 18ක් වන සෙන්තිල් කුමාර් තනුජන් නමැති මෙම තරුණයා සිදුවූ බරපතල තුවාල හේතුවෙන් කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු ‌කොට යවා ඇත.

මෙම තරුණයා එම ප්‍රදේශයේම පදිංචි 17 හැවිරිදි තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, දෙදෙනාම පාසල් සිසුන් නිසා එම සම්බන්ධයට පෙම්වතියගේ පාර්ශ්වයේ ඥාතීන් විරුද්ධ වී ඇත.

අනන්‍යතාවය මෙතෙක් හෙළි වී නොමැති මළ සිරුරක් හමුවේ..

අනන්‍යතාවය මෙතෙක් හෙළි වී නොමැති මළ සිරුරක් හමුවේ..

ඒ හේතුවෙන් වහාම එම සම්බන්ධය නවත්වන ලෙසට අවස්ථා කීපයකදීම අදාල තරුණයාට දැනුම් දී ඇතත් ඔහු එය නතර නොකිරීම හේතුවෙන් කෝපයට පත් පෙම්වතියගේ ඥාතීන් පිරිසක් තරුණයාට පහර දී පසුව තියුණු ආයුධයකින් ඔහුගේ අත කපා දමා තිබේ .

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කිළිනොච්චිය පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ .