18ට වැඩි අයට හමුදා පුහුණුව (VIDEO)
විනයගරුක සමාජයක් ඇතිකිරීම සඳහා අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ට හමුදා කඳවුරු තුළ පුහුණුවක් ලබාදිය යුතු බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ වර්තමානයේදී රටේ විනය පිරිහීමට ලක්වී ඇති බවය. පානදුර, අලුබෝමුල්ල සහ හිරණ පොලිස් ස්ථාන විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා මෙම අදහස් පළ කළේය.
"බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වෙන්න නම් එවැනි සමාජයක කප්පම්කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ ඉන්න බෑ. අද පුංචි දරුවෙක් අතරමං වුණොත් ඒ දරුවගේ අනාගතය ගැන කියන්න බෑ. ඒ වගේම අපේ රටේ විනය අද බොහොම පිරිහිලා. අවුරුදු 18න් ඉහළ අයට හමුදා පුහුණුවක් ලබාදිය යුතුයි කියලා මම කිව්වාම පාර්ලිමේන්තුවේ මට අපහාස කළා. හමුදා පුහුණුවක් කියන්නේ සමහරු විවේචනය කරනවා වගේ මිලිටරිකාරයෙක් වෙන්න නෙමෙයි. නමුත් අවුරුදු 18න් ඉහළ තරුණයන්ට අපි යම් පුහුණුවක් දෙනවා නම් ඒ පුහුණුව දෙන්න සුදුසුම තැන තමයි හමුදා කඳවුර. මොකද ඒ තුළ විනයක් හික්මීමක් වගේම පහසුකම් තියෙන නිසා. පෞරුෂත්වය වැඩිකරන යම්කිසි පාඨමාලාවක් දුන්නොත් අපිට පුළුවන් සමාජය ක්‍රමක්‍රමයෙන් විනයගරුක සමාජයක් බවට පත් කරන්න."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
