ETF සභාපති ඇතුළු තවත් රාජ්‍ය ආයතන 4ක සභාපතිවරුගේ පත්වීම් අනුමතයි

Report

කාරක සභාවෙන් රාජ්‍ය ආයතන හතරක සභාපතිවරු වශයෙන් පත්කරන ලද නිලධාරීන් වෙනුවෙන් උසස් නිලතල සම්බන්ධයෙන් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

අපි ගැහුවේ නෑ, මේක කුමන්ත්‍රණයක් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර ගැහුව චෝදනාව ඉරානය දැඩිව ප්‍රතික්ෂේප කරයි

අපි ගැහුවේ නෑ, මේක කුමන්ත්‍රණයක් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර ගැහුව චෝදනාව ඉරානය දැඩිව ප්‍රතික්ෂේප කරයි

ඒ අනුව මෙම අනුමැතිය ඉකුත් 20 වනදා ලැබී ඇති බව සඳහන්.

එසේම එම කාරක සභාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් රැස්ව තිබෙනවා.

ඒ අනුව මෙම කාරක සභාවේ අනුමතිය හිමි වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන්ද නිවේදනය කර ඇත.

පැයයි ගියේ විරාමෙට බම්බු ගහගන්න කියලා ඉරානෙන් ඊශ්‍රායලට තවත් බිහිසුණු ප්‍රහාරයක්

පැයයි ගියේ විරාමෙට බම්බු ගහගන්න කියලා ඉරානෙන් ඊශ්‍රායලට තවත් බිහිසුණු ප්‍රහාරයක්

ඒ අනුව මෙසේ අනුමැතිය හිමිව ඇත්තේ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ (ETF) සභාපතිවරයා ලෙස සෝමසිරි ඒකනායක, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස බී. ඒ. පී. කේ. ආර් බමුණු ආරච්චි, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස එම්. ආර්. එච් ස්වර්ණතිලක සහ පරන්තන් කෙමිකල්ස් සමාගමේ සභාපතිවරයා ලෙස එස්. නේසරාජන් යන මහත්වරුන්ගේ පත්කිරීම්වලටයි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්