සීතාවක සභාපති පත් කිරීම දින නියමයක් නැතිව කල් යයි

Report

සීතාවක ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම අද (ජුනි 17) සිදු නොවූ අතර, එය දින නියමයක් නොමැතිව කල් තබනු ලැබීය.

බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින සභාපතිවරයා තෝරා පත් කිරීම සඳහා ඡන්ද විමසීම ආරම්භ විය.

දුම්රිය නවතී – පැය 48ක වර්ජනයක්

දුම්රිය නවතී – පැය 48ක වර්ජනයක්

රැස්වීමේදී, ඡන්දය පැවැත්විය යුත්තේ රහස් ඡන්දයක් ලෙසද නැතහොත් විවෘත ඡන්දයක් ලෙසද යන්න සම්බන්ධයෙන් යෝජනා දෙකක් ඉදිරිපත් විය. මෙම තීරණය ගැනීමේ බලය කොමසාරිස්වරිය සතු වූ බැවින්, ඇය ඡන්දය රහස් ඡන්දයක් ලෙස පැවැත්වීමට තීරණය කළාය.

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

කොමසාරිස්වරියගේ මෙම තීරණයට විරෝධය පළ කරමින්, සභිකයින් 24 දෙනෙකු සභා ගර්භයෙන් ඉවත්ව ගියහ. මෙම ක්‍රියාව හේතුවෙන් සභාවේ ඝන පූර්ණය නොමැති වූ බැවින්, කොමසාරිස්වරිය විසින් සභාව විනාඩි 30කට කල් තැබුවාය.

කෙසේ වුවද, ඉන් පසුව ඇති වූ තත්ත්වයන් හමුවේ, සීතාවක ප්‍රාදේශීය සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් තබනු ලැබීය.

මාලිමා සභාපතිට පහර දෙයි - ආරක්‍ෂාවට STF කැඳවයි

මාලිමා සභාපතිට පහර දෙයි - ආරක්‍ෂාවට STF කැඳවයි

මෙහි ප්‍රතිඵලයක් ලෙස, අද දින සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු හෝ උප සභාපතිවරයෙකු පත් කිරීමේ කටයුතු සිදු නොවීය.

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න