මාලිමා සභාපතිට පහර දෙයි - ආරක්‍ෂාවට STF කැඳවයි
කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වන අබ්දුල් සත්තාර් මොහොමදු රික්කාස් මහතා ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටි මෝටර් රථයකට ඊයේ (16) රාත්‍රියේ මදුරන්කුලිය විරුතෝඩේ ප්‍රදේශයේදී පිරිසක් විසින් පහර දී ඇති බව මදුරන්කුලිය පොලීසිය පවසනවා.
මෙම ප්‍රහාරයෙන් සභාපතිවරයාට පහර දී ඇති අතර, වාහනයට බරපතල අලාභ හානි සිදු වී තිබෙනවා.
මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ ජාතික ජන බලවේගය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් පයිසාල් මහතාගේ නිවසට පැමිණ සභාපතිවරයා තවත් කිහිප දෙනෙකු ආපසු නොරෝච්චෝලය බලා විරුතෝඩේ හරහා ගමන් කරමින් සිටියදීයි.
සභාපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා.
ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මෙම සිදුවීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.