09 වෙනි විධායක ජනාධිපති ලෙස තේරි පත් වුණ.. අනුර කුමාර කරන්න යන වෙනස මෙන්න..

Election Commission of Sri Lanka Anura Kumara Dissanayaka Sri Lanka Politician Latest Headlines Decision Making
By krishani Sep 22, 2024 04:33 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපති ලෙස තෝරාපත් කරගත් අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

මොකද වෙන්නෙ කියලා.. රටම බලන් ඉන්න මේ වෙලාවේ.. මාලිමාවෙන් මේ දැන් උණු උණුවේම ලැබුණ ආරංචිය මෙන්න..

මොකද වෙන්නෙ කියලා.. රටම බලන් ඉන්න මේ වෙලාවේ.. මාලිමාවෙන් මේ දැන් උණු උණුවේම ලැබුණ ආරංචිය මෙන්න..


ඒ රට ඉදිරියට ගැනීමට පියවරක් ආරම්භ කළ හැක්කේ ජනතා කැමැත්තෙන් බිහිවෙන ආණ්ඩුවකට පමණක් බවයි.

වැල් පාලමේ අවසානය පෙනි පෙනී ලක් දරුවා අනුරට භාර දී ජනපති රනිල් යන්න යයි.. අවසානයේ කීව දෙය මෙන්න..

වැල් පාලමේ අවසානය පෙනි පෙනී ලක් දරුවා අනුරට භාර දී ජනපති රනිල් යන්න යයි.. අවසානයේ කීව දෙය මෙන්න..


ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ මැතිවරණය කොමිෂන් සභාවේ අද (22) රාත්‍රියේ පැවැති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

"මේ ජනාධිපතිවරණය පැවැත්වීම ජයග්‍රහණයක්. ඊළඟ මැතිවරණවලට පෙර මැතිවරණ සංශෝධන කරන්න හැකිවෙයි කියලා අපි හිතනවා.

රටම නොඉවසිල්ලෙන් බලන් හිටිය, ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපති - අනුර කුමාර දිසානායක..

රටම නොඉවසිල්ලෙන් බලන් හිටිය, ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපති - අනුර කුමාර දිසානායක..


නීතියේ සංශෝධන අවශ්‍ය බව අපි තේරුම් අරගෙන තිබෙනවා. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.

රට පැති ගණනාවකින් අස්ථාවර වෙලා. රට ඉදිරියට ගැනීමට පියවරක් ආරම්භ කළ හැක්කේ ජනතා කැමැත්තෙන් බිහිවෙන ආණ්ඩුවකට පමණයි.

පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි කියන ස්ථාවරය අපිට තිබෙනවා. අපේ රටේ කිසිඳු මැතිවරණයකදී කිසිඳු පුද්ගලයෙකු මිය යා යුතු නැහැ.අපේ රටේ බොහෝ දේ වෙනස් විය යුතුව තිබෙනවා.

දෙවෙනි මනාපය - හම්බන්තොට, බදුල්ල, මඩකලපුව දිස්ත්‍රික්ක..

දෙවෙනි මනාපය - හම්බන්තොට, බදුල්ල, මඩකලපුව දිස්ත්‍රික්ක..


මැතිවරණ පැවැත්වීම, ජයග්‍රහණ සැමරීම, අනෙකාට බිය ගෙන දෙන සංස්කෘතිය අපි ඉවත් කළ යුතුයි.

අපේ රට තුළ තිබෙන බොහෝ බෙදීම් ඉතා වේගයෙන් අපි සමනය කරගත යුතුයි. අපිට සාකච්ඡාවලින් ඉස්සරහට යන්න පුළුවන්.."

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%