රටම නොඉවසිල්ලෙන් බලන් හිටිය, ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපති - අනුර කුමාර දිසානායක..
Anura Kumara Dissanayaka
President of Sri lanka
Election
Latest Headlines
By krishani
2024 ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කර තිබෙනවා.
ඒ අනුව ඒ මහතා ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා වනු ඇත.
ඒ අනුව ඔහු හෙට උදෑසන (23) වැඩ භාරගැනීමට නියමිතය.
2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේ කටයුතු වලින් අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915ක් වේ.
එමෙන්ම, දෙවෙනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන සිටින සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 4,363,035ක් ක් වේ.
එමෙන්ම, රනිල් වික්‍රමසිංහ මහතා හිමිකරගෙන සිටි ඡන්ද සංඛ්‍යාව 2,299,767ක් වේ.
මේ අතර, පළමු වටයේ ගණන් කිරීම අනුව කිසිඳු අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් ලබාගෙන නොමැත.
ඒ හේතුවෙන් දෙවැනි මනාපය ගණන් කිරීමට ද මැතිවරණ කොමිසම තීරණය කළේ ය.
.