අනුර බයවෙයි? - IMF එනවා නම් රනිල් සමඟ විවාදය බෑලූ.
By Wayomi
ජනාධිපති රනිල් වික්‍රමසිංහට අභියෝග කරන විවාදයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධ කරගැනීම ප්‍රතික්ෂේප කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක පවසනවා.
ජාතික ජන බලවේගය විසින් අම්බලන්තොට ප්‍රදේශය පවත්වන ලද ජන හමුවකදී ඔහු පවසා ඇත්තේ, තම පාර්ශවයන්හි ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මුහුණට මුහුණ විවාදයක් පැවැත්වීමට තමන් සූදානම් බවයි.
එමෙන්ම මෙම විවාදය ඕනෑම රූපවාහිනී නාලිකාවක් ඔස්සේ පැවැත්විය හැකි බවද පක්ෂ දෙකේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඕනෑම සාකච්ඡාවක් සිදුකළ හැකි බවත් ඔහු සඳහන් කරනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එම විවාදයට කැඳවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයට මුල්‍ය අරමුදල ඉදිරිපත් නොවන බවයි.