ඩෑන් ඝාතනයේ තවත් අයෙක් අත්අඩංගුවට
By Hashini
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් පසුගිය අප්‍රේල් මස 22 වනදා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබුණා.
එම සිද්ධියට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු කොළොන්නාව ප්‍රදේශයේදී ඊයේ (03) දහවල් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
බස්නාහිර පළාත් දකුණු දිශා අපරාධ කොට්ඨාසය මඟින් පසුගියදා (02) අත්අඩංගුවට ගැනුණු මෙම අපරාධය සිදුකල වෙඩික්කරු විසින් අනාවරණය කල තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 28ක කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අපරාධය සඳහා යොදාගත් යතුරුපැදිය, ආරක්‍ෂිත හිස්සුවැසුම , ජංගම දුරකථන දෙකක් සහ සිම්කාඩ්පත් දෙකක් ද මෙම සැකකරුගෙන් අනාවරණ කරගත් කරුණු අනුව සොයා ගන්න ලදී.