ගම්පහෙන් තවත් වෙඩි ප්‍රහාරයක්...
By Parami Dissanayake
අද (06) රාත්‍රී කාලයේදී ගම්පහ තම්මිට ප්‍රදේශයෙත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩි තැබීම සිදු ව ඇත්තේ, යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ය.
8QRWMRV
එම අදාළ පුද්ගලයින් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව ද වාර්තා වේ.
උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ මෙම පුද්ගලයා වයස අවුරුදු 29ක තරුණයෙකි.
කෙසේ වෙතත්, ප්‍රතිකාර සඳහා ඔහුව ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.