තෙදින සංචාරකට තවත් ලොක්කෙක් ලංකාවට [PHOTOS]

Report

ඔස්ට්‍රේලියානු රජයේ අග්‍රාණ්ඩුකාරවරිය වන සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය ඊයේ (06) දිනයේ දිවයිනට පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්.

දිවයිනට පැමිණි අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් ඇතුළු දූත පිරිස අමාත්‍ය විජිත හේරත් මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහිදී පිළිගනු ලැබීය.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට ඇප

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට ඇප

මෙම සංචාරයේදී සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

එහිදී ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

ජනපති අරමුදලෙන් මැති ඇමති පුත්තු සහ ඥාතීන් 72කට රට ශිෂ්‍යත්ව දුන් මගඩියක් එළියට

ජනපති අරමුදලෙන් මැති ඇමති පුත්තු සහ ඥාතීන් 72කට රට ශිෂ්‍යත්ව දුන් මගඩියක් එළියට

එමෙන්ම, සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය, දිවයිනේ රැඳී සිටින කාලය තුළ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත්, බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ක්‍රියාත්මක ඕස්ට්‍රේලියාව විසින් සහාය දක්වන ව්‍යාපෘති කිහිපයක නිරීක්ෂණය කිරීමටත් නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

සමාජ මාධ්‍ය කළඹපු අශේන් සේනාරත්නගේ පුංචි කැදැල්ලට ආපු චූටි පැටියා

සමාජ මාධ්‍ය කළඹපු අශේන් සේනාරත්නගේ පුංචි කැදැල්ලට ආපු චූටි පැටියා

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery