තවත් කලාකරුවෙක් දිවියෙන් සමුගනී [PHOTOS]

Report

“ද මෝනිං ෂෝ” සහ “සැන්ටා බාබරා” රූපවාහිනී කතාමාලාවල රංගනයෙන් දායක වූ අමෙරිකානු නළු ජෝ මැරිනෙලි අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට ඔහු 68 හැවිරිදි වියේ පසුවිය.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

වසර ගණනාවක් තිස්සේ උගුරේ සහ අමාශයේ පිළිකා රෝගයකින් පෙළුණු ඔහු, එම රෝගී තත්ත්වය හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජෝ මැරිනෙලි 1957 ජනවාරි 21 වැනිදා කනෙක්ටිකට්හි මෙරිඩන් හි උපත ලැබූ අතර, වයස අවුරුදු 4 දී දකුණු කැලිෆෝනියාවට සංක්‍රමණය වී තිබේ.

පසුව ලොස් ඇන්ජලීස්හි ආර්කේඩියා උසස් පාසලට සහ නෙවාඩාහි රෙනෝ උසස් පාසලට ඇතුළත් වූ ඔහු, ලන්ඩනයේ ලොයෝලා මේරිමවුන්ට් විශ්වවිද්‍යාලයෙන් සහ රාජකීය නාට්‍ය කලා ඇකඩමියෙන් (RADA) උසස් අධ්‍යාපනය හදාරා ඇත.

ජනාධිපති පොදු සමාවෙන් කාන්තාවන් දෙන්නෙක් මරලා දාපු හිටපු ඇමති බිරිදකුත් නිදහස් කරන්

ජනාධිපති පොදු සමාවෙන් කාන්තාවන් දෙන්නෙක් මරලා දාපු හිටපු ඇමති බිරිදකුත් නිදහස් කරන්

1988-90 කාලයේ “සැන්ටා බාබරා” හි බර්නාඩෝ "බනී" ටැග්ලියාටි චරිතයට රංගනයෙන් දායක වූ ඔහු, 1993 දී “ගයිඩින් ලයිට්” නාට්‍යයේ පෝලි හාර්ඩ්මන් චරිතයට ද, 1999-2001 කාලයේ “ජෙනරල් හොස්පිටල්” හි ජෝසප් සොරෙල් චරිතයට ද රංගනයෙන් දායක වී ඇත.

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

ඔහුගේ වෘත්තීය ජීවිතය පුරා, One Last Ride, Hunter, ER, The King of Queens, NYPD Blue, The West Wing, The Practice, House, Castle, Desperate Housewives, Parenthood, The Offer, Ray Donovan ඇතුළු චිත්‍රපට සහ රූපවාහිනී නිර්මාණ 50කට අධික ප්‍රමාණයකට ඔහු රංගනයෙන් දායක වී ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

සෞඛ්‍යයෙන් අනතුරු ඇඟවීමක්

සෞඛ්‍යයෙන් අනතුරු ඇඟවීමක්

GalleryGalleryGallery