ජනාධිපති පොදු සමාවෙන් කාන්තාවන් දෙන්නෙක් මරලා දාපු හිටපු ඇමති බිරිදකුත් නිදහස් කරන්
නීතිපති දෙපාර්තමේන්තුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතාගේ බිරිඳ වන මරිය ජුලියට් මොනිකා ප්‍රනාන්දු මහත්මියට මරණීය දණ්ඩනය නියම වී තිබියදී ජනාධිපති සමාව යටත් නිදහස් කර ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.
මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ වෙසක් පොහොය නිමිත්තෙන් දුන් ජනාධිපති පොදු සමාව මත අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවෙක් නීති විරෝධී ආකාරයට නිදහස් කිරීම පිළිබඳව එම අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේදීයි.
කෙසේ වෙතත් මෙම මරිය ජුලියට් මොනිකා ප්‍රනාන්දු මහත්මිය කාන්තාවන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකාරිය වී තිබෙනවා.
ඒ අනුව වරදකාරියට 2005 වසරේදී මරණ දණ්ඩනය නියම වී ඇති බව වාර්තා විය.
එසේ වුවද ඉකුත් 2009 වසරේ මාර්තු මාසයේදී එවකට ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දුන් ජනාධිපති පොදු සමාව යටතේ ඇයව නිදහස් කරන තිබෙන බව හෙළි විය.
එසේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් මෙම සිද්ධිය අනාවරණය කළේ සිරකරුවන් නිසි අනුමැතියකින් තොරව නිදහස් කිරීම පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට විරුද්ධව කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දක්වමින්.
