ගුවන් යානයක් නිසා තවත් අනතුරක්

Report

පසුගිය කාලසීමාවේදී ගුවන් අනතුරු කීපයක් පිළිබඳව අපිට අහන්නත් දකින්නත් ලැබුණා.ඒ අතරින් ලෝව  මෑත කාලයේ  සිදුවු දරුණුතම ගුවන් අනතුර ඉන්දියාවෙන් වාර්තා වූ අතර එහිදී ගමන් ගත් එක් මගියෙකු හැර ඉතුරු සියලු දෙනා ජීවිතක්ෂයට පත්විය.එවැනි සිදුවීම් අතරතුර තවත් ගුවන් යානාවක් නිසා පුද්ගලයෙකුට සිදුවූ අනතුරක් පිළිබඳව වාර්තා විය.

බොරැල්ලේ වෙඩිතැබීමක්

බොරැල්ලේ වෙඩිතැබීමක්

Volotea ගුවන් සමාගමට අයත් A 319 යානාවක් ප්‍රවේශ මාර්ගයේ (Taxiway) දී ගුවන් ගමනක් සදහා සූදානම් වන අවස්ථාවේ දී එහි එන්ජිම වෙත ඇදී ගිය සේවකයෙකු ජීවිතක්ෂයට පත්වූ බව ඉතාලියේ මිලාන් හි Bergamo ගුවන්තොටුපොල වාර්තා කරයි. ස්පාඤ්ඤයේ Asturias බලා ගුවන්ගත වීමට සූදානම් වූ අවස්ථාවේ මෙමෙ ජීවිත අනතුර සිදුවූ බවට වාර්තා වේ‍.

ගුවන්‍ යානා මෙහෙයුම් සිදුකිරීමේ දී දැඩි සුරක්ෂිතතා ක්‍රමවේදයන් අනුගමනය කරනු ලබන හෙයින් මෙවැනි අනපේක්ෂිත සිදුවීම් වාර්තා වන්නේ ඉතා කාලාතුරකිනි. මේ හේතුවෙන් ගුවන්තොටුපොල මෙහෙයුම් කටයුතු පැය කිහිපයක් අත්සිටුවන්නට ද සිදුව ඇත්තේ මූලික විමර්ශන අවසන් වන තෙක් ප්‍රවේශ මාර්ගය අවහිර වී තිබූ බවට වාර්තා වෙයි.

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු සැකකරුවන්ට ඇප

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු සැකකරුවන්ට ඇප