ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව ගැන විදේශ අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්..!

Sri Lanka school children Ukreine ministry ofexternal affairs
By Sewvandhi Feb 21, 2022 05:43 PM GMT
Sewvandhi

Sewvandhi

Report

විමසිලිමත්ව කටයුතු කරන ලෙසත්, අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වන ලෙසත්, විදේශ අමාත්‍යාංශය යුක්‍රේනයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යංශය මේ බව ප්‍රකාශ කර සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකා රජය යුක්‍රේනයේ පවතින වාතාවරණයේ වත්මන් ප්‍රගතිය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවය.

ඒ අනුව යුක්‍රේනයේ වෙසෙන සිසුන් දහහතර දෙනෙකු ඇතුළු හතළිහකට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරීමේ අරමුණින් ඔවුන් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවද අදාළ නිවේදනයෙන් විදේශ අමාත්‍යංශය පවසා ඇත.

ශ්‍රී ලාංකික සිසුන් දහහතර දෙනාගෙන් හය දෙනෙකු තාවකාලිකව රට හැර ගොස් ඇති අතර, අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතිරි සිසුන් අට දෙනා සමඟ සමීප සම්බන්ධතා පවත්වයි.

දැනට යුක්රේනය වෙත සිදු කෙරෙන අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙස ද අමාත්‍යාංශය සියලුම ශ්‍රී ලාංකිකයින්ට එම නිවේදනය මගින් උපදෙස් ලබා දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now