යලි කරළියට ආ උද්දිකගේ නඩුව - CIDයට නියෝගයකුත්

Report

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළ නීතිපති උපදෙස් කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් පී. එච්. ඩබ්. ඩී. එල්. සමරසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (29) නියෝග කළා.

බැකෝ සමන්ගෙ බිරිඳගෙන් CID ය ප්‍රශ්න කරයි

බැකෝ සමන්ගෙ බිරිඳගෙන් CID ය ප්‍රශ්න කරයි

අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය යළි කැඳවූ අවස්ථාවේදී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධියට අදාළ විමර්ශන උදෘත ඉකුත් පෙබරවාරි මස 17 වැනිදා නිතිපති උපදෙස් සදහා ඉදිරිපත් කළ බවයි. එම උපදෙස් මෙතෙක් ලැබී නැතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

බැංකු රැසකින් ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

බැංකු රැසකින් ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

මෙම සිද්ධියේ සැකකාර අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ රංජිත් රාජකරුණා පැවසුවේ මෙම නඩුවට අදාළ නීතිපති උපදෙස් දීර්ඝ කාලයක් ගත තුරුත් නොලැබීම මත සිය සේවාදායකයාට විශාල අගතියක් සිදුව ඇති බවයි.

උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට පෙර සැකපිට අත් අඩංගුවට ගත් හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම රිමාන්ඩ් බාරයට පත් කර පසුව ඇප මත මුදා හැර සිටියි.

රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ

රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ