දැනට 14දෙනෙක් මියගිහින් - කොරෝනා භිතියෙන් පසු ආ මාරයා..

Sri Lanka
By krishani Jun 17, 2022 01:33 AM GMT
krishani

krishani

Report

ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේ ය.

ගර්භණී කාන්තාවන්, වයස්ගත පුද්ගලයින් සහ නිධන්ගත රෝග සහිත පුද්ගලයින්ට මෙ වෛරසය ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවත් පසුගිය සති 4 තුළ දිවයින පුරා ඉන්ෆ්ලුඑන්සා A වෛරසය ආසාදනය වීමේ ඉහළ යෑමක් වාර්තා වන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශයේ කලවාන රෝහලට අසාදිතයින් 103ක් වාර්තා වී ඇති අතර,ඉන් බහුතරය කාන්තාවන් වේ.

ඉන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ සියලු දෙනා වයස අවුරුදු 75 වැඩි පුද්ගලයින් බවයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නන්ගර ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha