ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් එකවරම ශ්‍රී ලංකාව ගැන ගත් විශේෂ තීරණය.

Report

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ 2023 ආසියානු ක්‍රිකට් තරගාවලියේ කොළඹ සහ මහනුවර දී පැවති තරගවලට වර්ෂාවෙන් සිදු වූ බාධාවන් වැළැක්වීම සඳහා සහාය දැක් වූ ක්‍රීඩාංගණ කාර්යමණ්ඩලය සහ බිම් සේවකයන් සඳහා ත්‍යාග මුදල් ලබාදීමටයි.

ඒ බව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා ට්විටර් පණිවුඩයක් තබමින් කියා තිබෙනවා.

එහි දැක්වෙන්නේ ක්‍රීඩාංගණ බිම් සේවකයන් සඳහා ත්‍යාගයක් ලෙස අමෙරිකානු ඩොලර් 50,000 මුදලක් ලබා දීමට තීරණය කළ බව ය.

එමෙන්ම ඔවුන්ගේ නොසැලෙන කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩකිරීම, මෙවර ආසියානු කුසලානය තරගාවලියේ අමතක නොවන මතකයන් බවට පත් වන බවයි.

ඔහු විසින් එම ට්විටර් සටහන අවසන් කර ඇත්තේ "මෙම සේවකයින්ගේ මහඟු සේවාව ගෞරවයෙන් සමරමු" යනුවෙන් ය.

කෙසේ වෙතත්, අවසන් මහා තරගයේ වීරයා වූ ඉන්දීය කණ්ඩායමේ මොහොමඩ් සිරාජ් ද තමන්ට ලැබුණු අමෙරිකානු ඩොලර් 5,000 ක ත්‍යාග මුදල ක්‍රීඩාංගණ බිම් සේවකයින්ට ලබා දීමට තීරණය කර තිබෙනවා.


ජයටම උපන් දිනය සමරන ඉන්දීය අගමැති - සුබපැතුම් ගලාගෙන එයි.. ඉන්දියාවම සතුට සමරයි.. (PHOTOS)

ජයටම උපන් දිනය සමරන ඉන්දීය අගමැති - සුබපැතුම් ගලාගෙන එයි.. ඉන්දියාවම සතුට සමරයි.. (PHOTOS)


ඉන්දීය වේග පන්දු වීරයා තමාට ලැබුණු ත්‍යාග මුදල කෙත්තාරාම කාර්ය මණ්ඩලයට දෙයි..

ඉන්දීය වේග පන්දු වීරයා තමාට ලැබුණු ත්‍යාග මුදල කෙත්තාරාම කාර්ය මණ්ඩලයට දෙයි..