ඉන්දීය වේග පන්දු වීරයා තමාට ලැබුණු ත්‍යාග මුදල කෙත්තාරාම කාර්ය මණ්ඩලයට දෙයි..

Report

අද(17) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති ආසියානු කුසලාන අවසන් මහ තරඟයේ වීරයා බවට පත්වූ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් ඔහුට ලැබුණු ඇමරිකානු ඩොලර් 3,000 ක ත්‍යාග මුදල කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගනය කාර්ය මණ්ඩලය වෙනුවෙන් පරිත්‍යාග කළේය.

ඔහු කියා සිටියේ, තරඟාවලිය සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් විසින් කළ කැපකිරීම වෙනුවෙන් එය ලබා දෙන බවයි.

මේ අතර, ආසියානු ක්‍රිකට් කවුන්සිලය ද කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගනයේ සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ සේවකයන්ගේ කැපකිරීම වෙනුවෙන් ඩොලර් 50,000ක මුදලක් ත්‍යාග ලෙස ලබා දුන්නේය.