ඇමෙරිකාවට දකුණු අප්‍රිකානුවන්ගෙන් ඉලක්කයක්...
By Parami Dissanayake
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8දෙනාගේ තරග වටයේ පළමු තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.
ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 4ක් දැවී ලකුණු 194ක් රැස්කර ගැනීමට සමත් වුණා.
එමෙන් ම, දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩිකොක් පන්දු 40ක දී වේගවත් ලකුණු 74ක් රැස්කර ගැනීමට සමත් වූ අතර, ඊට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් ද ඇතුළත් වේ.
තව ද, නායක ඒඩන් මාක්‍රම් පන්දු 32ක දි ලකුණු 46ක් රැස්කර ගනු ලැබුවේ ය.
ඒ සඳහා දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 04ක් ද ඇතුළත් වේ.
මෙම තරගය ජය ගැනීම සදහා අමෙරිකානු කණ්ඩායම ලකුණු 195ක් රැස්කර ගත යුතු ව ඇත.