ගිලන් රථ රියැදුරෙක් වෛද්‍යවරියක් පැහැර ගැනීමේ සිදුවීම ගැන ලැබුණු අලුත්ම අනාවරණය.

Sri Lanka Police Kidnapping Doctors
By Wayomi Aug 28, 2024 04:48 AM GMT
Wayomi

Wayomi

Report

පෙරේදා (26) රාත්‍රියේදී ගිලන් රථ රියදුරෙක් විසින් වවුනියාව මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් බලහත්කාරයෙන් පැහැර ගෙන යාමට උත්සහ කළ අවස්ථාවේදී ඇය ගිලන් රථයෙන් බිමට පැනීම නිසා තුවාල ලැබූ සිදුවීමට අදාළව මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ වී තිබෙනවා.

කෙසේ වෙතත් වාර්තා වන්නේ, පෙරේදා (26) රාත්‍රියේදී වෛද්‍යවරිය බස්නැවතුම වෙත කෙටි මාර්ගයෙන් රැගෙන යාම සිදු කරන බවට ගිලන්රථයේ රෝහල් සේවකයා ද්‍රවිඩ භාෂාවෙන් ගිලන්රථ රියැදුරුට පවසා මාර්ගය පිළිබඳ ප්‍රකාශ කිරීමේදී සිංහල පමණක් දන්නා වෛද්‍යවරිය එය තේරුම් ගැනීමට නොහැකිව වරදවා තේරුම් ගෙන කෑ ගසා ඇති බවයි.

රජයෙන් දෙන රු.30,000 සහනාධාරය රු. 50,000 දක්වා වැඩි කර ගිණුම් වලට බර කෙරේ. - ඇමති බන්දුලගේ විශේෂ ප්‍රකාශය මෙන්න.

රජයෙන් දෙන රු.30,000 සහනාධාරය රු. 50,000 දක්වා වැඩි කර ගිණුම් වලට බර කෙරේ. - ඇමති බන්දුලගේ විශේෂ ප්‍රකාශය මෙන්න.


මෙම වෛද්‍යවරිය වවුනියාවේ පම්පමඩුව ප්‍රදේශයේ නේවාසිකව සිටින වෛද්‍යවරියක්.

ඇය සේවය සදහා වවුනියාව මහ රෝහලට පැමිණීමට සූදානම් වූ අවස්ථාවේදී වවුනියාව මහ රෝහලේ සිට පම්පමඩුව ආයුර්වේද රෝහලට රාත්‍රී ආහාරය රැගෙන ගිය ගිලන් රථය ආපසු වවුනියාව මහ රෝහලට පැමිණෙමින් තිබූ නිසා ඇය එම ගිලන් රථයට ගොඩ වී ඇති බව සඳහන්.

ගිලන් රථයේ රියදුරා හා තවත් අයෙකු එහි සිට ඇති අතර, රියදුරා වවුනියාව - මන්නාරම මාර්ගයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබා ගැනීමට ගිලන් රථය නවත්වා ආපසු එය වවුනියාව මහ රෝහලට ධාවනය කිරීම වෙනුවට අතුරු මාර්ගයකින් වෙනත් දිශාවකට ධාවනය කරන්නට පටන් ගෙන තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති රට පුරාවට සන්නද්ධ හමුදා කැඳවයි. - විශේෂ ගැසට් නිවේදනය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති රට පුරාවට සන්නද්ධ හමුදා කැඳවයි. - විශේෂ ගැසට් නිවේදනය මෙන්න.


ඊට හේතුව විමසුවත් රියදුරා කිසිවක් ප්‍රකාශ නොකිරීම නිසා බියට පත් වෛද්‍යවරිය ගිලන් රථයෙන් බිමට පැන තමාව බලහත්කාරයෙන් පැහැර ගෙන යාමට උත්සහ කරන බව මහමග සිටි පිරිසට ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙනවා.

අනතුරුව එම පිරිස වෙනත් වාහනයකින් ගිලන් රථය හඹා ගොස් එය නතර කරවා රියදුරුට හා සහායකයාට පහර දී ඔවුන්ව නෙලුකුලම පොලීසිය වෙත බාර දීමට කටයුතු කළා.

පසුව වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු පිරිසක් එම ස්ථානයට ගොස් ඇති අතර, පොලිසිය සමග සාකච්ඡා කිරීමෙන් පසුව ගිලන් රථ රියදුරා හා සහායකයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇත.

රනීඊඊඊඊඊල් සොයා ගිය ගමනක්. - සජිගේ සුපිරිම කාන්තා බල කණුවක් රනිල් ලඟට.? - ඒ කවුද කියල දන්නවද?

රනීඊඊඊඊඊල් සොයා ගිය ගමනක්. - සජිගේ සුපිරිම කාන්තා බල කණුවක් රනිල් ලඟට.? - ඒ කවුද කියල දන්නවද?


වෛද්‍යවරිය පැහැර ගැනීමට උත්සහ කළ රියදුරා සිටි ගිලන් රථයද වවුනියාව මහ රෝහලට අයත් ගිලන් රථයක් බැවින් රියදුරුට හා රිය සහායකයාට එරෙහිව වෙනම පරීක්ෂණයක් වවුනියාව මහ රෝහලේ පාලන අධිකාරිය විසින්ද ආරම්භ කරනු ලැබුවා.

පල්ලෙකැලේදී ක‍්‍රිකට් තරග පාවා දීම ගැන ක‍්‍රිකට් ප‍්‍රබලයෙකු පාපොච්චාරණය කරයි.

පල්ලෙකැලේදී ක‍්‍රිකට් තරග පාවා දීම ගැන ක‍්‍රිකට් ප‍්‍රබලයෙකු පාපොච්චාරණය කරයි.

ප්‍රේමදාස පවුල් ආණ්ඩුවත් වැඩ අරඹයි.? - එක ලේ කකියයි කියන්නේ බොරුවට නෙවෙයිනේ. - අක්කා මල්ලි වෙනුවෙන් ආ හැටි. - (VIDEO)

ප්‍රේමදාස පවුල් ආණ්ඩුවත් වැඩ අරඹයි.? - එක ලේ කකියයි කියන්නේ බොරුවට නෙවෙයිනේ. - අක්කා මල්ලි වෙනුවෙන් ආ හැටි. - (VIDEO)

චන්දික හතුරුසිංහ ලොකු හතුරුකමක්. - බංගලාදේශ අරගලකරුවන් හතුරුසිංහ එලවා දමයි.

චන්දික හතුරුසිංහ ලොකු හතුරුකමක්. - බංගලාදේශ අරගලකරුවන් හතුරුසිංහ එලවා දමයි.