දුම්රිය පරක්කුවත් එක්ක හදිසියේම ආරක්ෂාව තර කරයි - පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය වහාම කැඳවයි.. එහි නවතම තත්ත්වය.. (VIDEO)
අද (04) සවස් කාලයේ දී දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ දුම්රිය නියාමක සංගමය ක්ෂණිකව ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ය.
එමෙන්ම අද උදෑසන මාළිගාවත්ත දුම්රිය අංගනයේ දී උප නියාමකවරයෙකු හා දුම්රිය ආරක්ෂක සේවයේ නිලධාරීයෙකු විසින් ගැටුමක් ද ඇති කරගෙන ඇත.
එම ගැටුමේ දී උප නියාමකවරයාට පහර දී තිබෙනවා.
ඒ හේතුවෙන් එම ප්‍රහාරය එල්ල කළ දුම්රිය ආරක්ෂක සේවයේ නියුතු සේවකයාගේ සේවය අත්හිටුවන ලෙස ඉල්ලා නියාමක සංගමය විසින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.
කෙසේ වෙතත්, මේ වන විට කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව ලබා දී තිබෙනවා.
වීඩියෝ දර්ශන - Ada Derana YouTube Channel