ජනාධිපති අරමුදලෙන් රෝගීන් සඳහා ලබා දෙන දීමනාව ඉහළට...

Report

ජනාධිපති අරමුදලෙන් රෝගීන් සඳහා ලබාදෙන දීමනාව 50% සිට 100% දක්වා වැඩි කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටිනවා.

අද (16) කෑගල්ල දිස්ත්‍රික්කයේ සිසු දරුදැරියන් 4000ක් වෙත ශිෂ්‍යාධාර දීමනා සහ පාසල් පොත් සහිත බෑග ලබාදීම සඳහා පැවති ජාතික උත්සවයට සහභාගිවීමට පෙර මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසී ය.

තිස්දහස ඉක්ම වූ බන්ධනාගාරගත සිරකරුවන් ...

තිස්දහස ඉක්ම වූ බන්ධනාගාරගත සිරකරුවන් ...

ඒ අනුව, ඔහු ප්‍රකාශ කළේ, 2022 වසරේ අගෝස්තු මස වන විට ජනාධිපති අරමුදල වෙත ලැබුණු හෘද රෝග හා වකුගඩු රෝගීන් 8000කට අධික පිරිසකගේ ඉල්ලීම් ගොඩගැසී තිබුණු අතර ඒ සියල්ල එම වර්ෂය තුළම ගෙවීමටත්, ගෙවීම් කිරීමේදී අදාළ දීමනාව 50% සිට 100% දක්වා වැඩිකිරීමටත් පියවර ගත් බවයි.

අනුරාධපුරයට භූ කම්පනයක්...

අනුරාධපුරයට භූ කම්පනයක්...

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ, ඉල්ලුම්පත්‍රයක් ලැබී සතියක් තුළ අදාළ දීමනා සඳහා ප්‍රතිපාදන වෙන්කරන තත්ත්වයට එම කටයුතු කඩිනම් කිරීමට වත්මන් රජය යටතේ පියවර ගෙන ඇති බව ය.